25 C
Colombo
Friday, January 17, 2025

අත් හැර දැමු යාපනයේ ලේවායන් දෙකක් යළි ලුණු නිෂ්පාදනයට

- Advertisement -

යුධමය තත්ත්වයෙන් අත් හැර දැමුණු යාපනය ලුණු ලේවායන් දෙක යළි ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමට පියවර ගන්නා බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක මහතා පවසනවා.

පසුගියදා  (28) සිය ධුරයේ වැඩ භාරගත් අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සදහන් කළා.

2009 යුධමය තත්ත්වයෙන් පසු යාපනය ප්‍රදේශයේ පවතින ලුණු ලේවායන් දෙක පැවැති කිසිදු රජයක් සංවර්ධනය කර ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමට පියවර නොගෙන ඇති බවත්, එළැඹෙන ජනවාරි මැද වන විට එහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බවත් සභාපතිවරයා මෙහිදී පවසා සිටියා.

ඔහු තවදුරටත් සඳහන් කළේ මාර්තු මාසය ආරම්භය වන විට එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ වන විට ලංකා හම්බන්තොට ලුණු සමාගම සතුව මෙට්‍රික් ටොන් 6000ක ලුණු ප්‍රමාණයක් පවතින බවත් එය ජනවාරි මාසය දක්වා ප්‍රමාණවත් බවත් නන්දන තිලක මහතා මෙහිදී පෙන්වා දුන්නා.

ලුණු හිඟයක් මතු නොවන බවත් අනියත බියක් ඇති කරගනිමින් ලුණු තොග රැස් කරගැනීමෙන් වළකින ලෙසත් ඔහු එහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES