30 C
Colombo
Tuesday, April 29, 2025

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

මුදල් විශුද්ධිකරණය හා විශුද්ධිකරණයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රුපියල් 5,745,000/- ක මුදලක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 13 වනදා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 49 හා 39 වයස් වල පසුවන සිද්ධාර්ථ පාර, කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවන්.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව පසුගිය 13 වන දින උදෑසන කාලයේ කිරුළපන පොලිස් වසමේ තුන්මෝදර හන්දිය අසලදී, ත්‍රීරෝද රථයක් පරීක්ෂා කර තිබෙනවා.

එම ත්‍රිරෝද රථයේ සිටි සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් දෙදෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන කිරුළපන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර විමර්ශනයක් ආරම්භ කළ බව පැවසෙනවා.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබි රුපියල් 5,745,000/- ක මුදලක් සොයාගෙන තිබුණා. 

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු ප්‍රදේශයේ ගෑස් වෙළෙඳ සැලක් පවත්වාගෙන යන අතර මොහු නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින පුද්ගලයෙකු බවටද සිදුකරන ලද විමර්ශන අනුව අනාවරණය වී තිබෙනවා.

මේ අතර අනෙක් සැකකරු මුදල් විශුද්ධිකරණයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ. 

එමෙන්ස එක් සැකකරුවකු සතුව තිබී පොලිස් භාරයට ගත් මුදල් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ගන්නා ලද මුදල්ද එසේ නොමැති නම් එම වෙළෙඳසැල පවත්වාගෙන යාමෙන් උපයාගන්නා ලද මුදල්ද යන්න සම්බන්ධව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා කිරුළපන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

සැකකටයුතු කන්ටේනර් මුදා හැරීම ගැන චෝදනාවක්

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු  කන්ටේනර් 323ක් හිටි හැටියේ  පිට කිරීම බරපතළ  සැකයට තුඩු දෙන කාරණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

වෙසක් දන්සල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා....

තැපැල් ඡන්ද විමසීම අදින් අවසන්

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද අවසන් වනවා. ඒ අනුව අදත් පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්දය සළකුණු කළ...

POPULAR ARTICLES

සැකකටයුතු කන්ටේනර් මුදා හැරීම ගැන චෝදනාවක්

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු  කන්ටේනර් 323ක් හිටි හැටියේ  පිට කිරීම බරපතළ  සැකයට තුඩු දෙන කාරණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

වෙසක් දන්සල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා....

ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක්

ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ , ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ප්‍රදේශ රැසක විදුලිය බිදවැටීම හේතුවෙන්. ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර විදුලිබල පද්ධතියේ...