පාර්ලිමේන්තුව ඉදිරිපිට ඊයේ විරෝධතාවට සහභාගී වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත ඇතුළු දෙදෙනෙකු තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඊයේ (03) පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් පැවැති උද්ඝෝෂණය අතරතුර සිදුවූ බව කියන වැරදි කිහිපයක් සම්බන්ධයෙන්.
ඊයේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ කොතලාවල ආරක්ෂක විශ්වවවිද්‍යාල පනතට එරෙහි දැවැන්ත විරෝධතාවට එක්වූ චමීර සහ කෝෂිලා යන අය, එම විරෝධතාව අවසන්ව නිවෙස් වෙත ගිය පසු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර එම විරෝධතාවයේදී රාජකාරී කටයුතුවල නිරත වී සිටි මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා බරපතළ තුවාල ලබා තිබුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ,
“උද්ඝෝෂණකරුවන් විසින් පොලිස් අවවාද කිරීම් නොතකා ඉදිරියට පැමිණෙන අවස්ථාවේදී මාර්ග බාධක යොදා තිබුණා. ඒවා පෙරළමින් විරෝධතාකරුවන් ඉදිරියට ගමන් කරන්න උත්සාහ ගත්තා. එහිදී මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඔහුගේ ඇඟිලි දෙකකට බරපතළ තුවාල සිදුවී තිබෙනවා.”








