28 C
Colombo
Saturday, April 19, 2025

මිදිගම ඝාතනයට දෙදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

මිදිගම ගොවියාපාන පාලම අසල දි පුද්ගලයකුට වෙඩි තබා මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කළ බව කියන වෙඩික්කරුවන් දෙදෙනා මිදිගම අහංගම ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 30, 38 වයසේ පසුවන අගුලුගහ සහ කෝට්ටේ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11, මිලි ග්‍රෑම් 500 ක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිදිගම ගොවියපාන පාලම අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මාළු ව්‍යාපාරිකයාට ටී පනස් හය වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝලයක් යොදා ගනිමින් වෙඩි තබා තිබුණා.

පොලිසිය පවසන්නේ, එහිදී එම මාළු ව්‍යාපාරිකයා මියගොස් තිබූ අතර මාළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

එම වෙඩි තැබීමෙන් මිය ගොස් තිබුණේ, අහංගම – දේණුවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කැලුම් චතුරංග නමැති දෙදරු පියෙක් බව පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...