32 C
Colombo
Sunday, June 4, 2023

පකිස්තානයේ කරච්චිහිදී චීන ජාතිකයන් ඉලක්ක කරගෙන වෙඩි තැබීමක්

- Advertisement -

පකිස්තානයේ කරච්ච නගරයේදී මෝටර් රථයකින් ගමන් ගනිමින් සිටි චීන ජාතිකයන් දෙදෙනෙක් ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එහිදී බරපතල තුවාල ලැබූ චීන ජාතිකයන් දෙදෙනා රෝහල්ගත කර ඇති අතර පකිස්තාන ආරක්ෂක බලධාරීන් සදහන් ක⁣ළේ යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මෙය හුදකළා සිද්ධියක් බවත් පකිස්තානයේ සිටින චීන ජාතිකයන්ගේ සහ එහි ඇති චීන දේපලවල ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසය ඇති බවත් මේ පිළිබද අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාහෝ ලීජියාං පවසා ඇත.

කෙසේ⁣වෙතත් මීට සති දෙකකට පමණ පෙර ද කයිබර් පක්තුන්ක්වාහි උතුරැ කොයිෂ්තාන් ප්‍රදේශයේ දී වේල්ලක් ඉදිකිරීමෙි වැඩබිමක සේවය සදහා චීන ජාතිකයන් ඇතුළු පිරිසක් රැගෙන යමින් සිටි බස්රථයකට ද ප්‍රහාරයක් එල්ල විය.

එහිදී බස්රථයේ ගමන් ගත් 13 දෙනෙකු මියගිය අතර ඉන් 9 දෙනෙකුම චීන ජාතිකයෝ වූහ.

පසුගිය අප්‍රේල් මාසයේදී දකුණු පකිස්තානයේ ක්වෙට්ටාහි පිහිටි හෝටල් භූමියක සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් සිවිදෙනෙකු මියගිය අතර පසුව හෙළිවූයේ පකිස්තානයේ චීන තානාපතිවරයා එදින එම හෝටලයේ නවාතැන් ගෙන සිටි බවයි.


RECENT ARTICLES - SINHALA

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.

A President who dependents on thieves will not catch thieves – Sajith

Leader of the Opposition Sajith Premadasa says that a leader dependent on thieves cannot catch thieves. This was at...

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.