27.8 C
Colombo
Thursday, April 25, 2024

ජාතික පාසලක පන්ති දෙකක් හදිසියේ වසා දමයි

- Advertisement -

ගිනිගත්හේන ජාතික පාසලේ ළමුන් 08 දෙනෙකුට සහ ගුරුවරුන් 03 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම නිසා එම සිසුන් අධ්‍යාපනය ලබන 10 සහ 11 පන්ති තාවකාලිකව වසා දමා මුළු පාසලම විෂබිජහරණයට ලක් කළ බව එම පාසලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා පවසනවා.

පාසල් ළමුන් පිරිසකට සහ ගුරුවරුන්ට වෛරසය අසාදනය වු නිසා අද (18) දින පාසලට ළමුන් 150 දෙනෙකු පමණ පැමිණි බවත්, ඉන් රෝග ලක්ෂණ සහිත සිසුන් පිරිසක් ආපසු නිවාස කරා යොමු කල බවත් විදුහල්පතිවරයා පවසනවා.

එහෙන්ම පාසලේ ගුරුවරුන් 63 දෙනෙකු පමණක් අද දින පාසලට පැමිණ ඇති බවයි විදුහල්පතිවරයා සදහන් කරන්නේ.

පාසලට නොපැමිණි ළමුන් වෙනුවෙන් සුම් තාක්ෂණය ඔස්සේ අධ්‍යන කටයුතු සිදු කිරිමට පියවර ගෙන ඇති බවත්, ආසාදිත ළමුන් සහ ගුරුවරුන්ගේ ළගම ආශ්‍රිත සිසුන් සහ ගුරුවරුන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගෙන ඇති බවත් විදුහල්පතිවරයා පවසනවා.

පාසලේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද විධිමත් කර ඇති අතර අසාදිත ළමුන්ගේ ළගම ආශ්‍රිත ළමුන් 500 දෙනෙකු පමණ නිවාස වල රදවා ඇති බවද විදුහල්පතිවරයා වැඩිදුරටත් සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...