33 C
Colombo
Friday, March 29, 2024

පහරදීමෙන් දින දෙකකට පසු ඩලස්ට තමන් ජනමාධ්‍ය ඇමති බව මතක් වෙයි

- Advertisement -

පසුගිය 31 වනදා රාත්‍රියේ ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවස ඉදිරිපිට පැවති විරෝධතාවයේදී මාධ්‍යවේදීන් 7 දෙනෙකුට ආසන්න සංඛ්‍යවක් යුද හමුදාවේ, විශේෂ කාර්ය බලකායේ සහ ශ්‍රී ලංකා පොලීසියේ පහරදීම්වලින් දරුණු තුවාල ලැබුවා.

කෙසේවෙතත් සිදුවීමෙන් දින දෙකක් ගෙවුණු අද (02) දිනයේ ජනමාධ්‍ය අමාත්‍යවරයාට පහරකෑ ජනමාධ්‍යවේදීන් සිහිපත්වී තිබෙනවා.

ඒ අනුව පහරකෑ මාධ්‍යවේදීන් වෙනුවෙන් ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කර ඇත්තේ මාධ්‍යවේදීන්ට කළ අමානුෂික ප්‍රහාරය තරයේ හෙළා දකින බවයි.

සාමකාමීව විරෝධතා දැක්වීමට ඇති පුරවැසි අයිතිය තහවුරු කළ යුතු වුවද විරෝධතාකරුවන්ද ප්‍රචණ්ඩත්වයට නොයා පොදු දේපලවලට හානි කිරීමට නොයා යුතු බවද අදාළ ට්විටර් පණිවුඩයෙන් අමාත්‍යවරයා අවධාරණය කරනවා.

කලකට පෙර ඩලස් අලහප්පෙරුම මහතාට ජනමාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළා.


RECENT ARTICLES - SINHALA

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ...

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට අලුත් බද්දක්

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බවත් දේශිය ගොවීන් සහ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...