27.8 C
Colombo
Thursday, April 25, 2024

උද්ඝෝෂණය කළ ගුරුවරුන් අතරේ ඩෙල්ටා ආසාදිතයින් දෙදෙනෙක් – ඇමති සනත් නිශාන්ත

- Advertisement -

පසුගියදා පාර්ලිමේන්තු වට රවුම අසලදී උද්ඝෝෂණයේ නිරතව සිට මුලතිව් ගුවන් හමුදා කදවුර වෙත නිරෝධායනයට රැගෙන ගිය ගුරුවරුන් අතරින් දෙදෙනෙකුට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇතැයි ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ මෙම වර්ජන රැල්ල කොවිඩ් 19 වසංගත තත්ත්වය වැඩිදියුණු කිරීමට සිදුකරන උත්සහයක් බවයි.

මේ හේතුවෙන් සිංහල අලුත් අවුරුදු පොකුර මෙන් වර්ජන පොකුරක් ඇතිවීමේ අවධානමක් පවතින බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

අදාළ ගුරු උද්ඝෝෂණයේදී එම ගුරුවරුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරීන්ද මේ වන විට නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසන්නේ.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිදුකල ප්‍රකාශය පිළිබදව අප මුලතිව් ගුවන් හමුදා කදවුරෙන් විමසීමක් කළා.

එහි නිලධාරියෙකු පැවසුවේ උද්ඝෝෂණය හේතුවෙන් මේ වන විට නිරෝධායනයට යොමුකර සිටින පුද්ගලයන්ගේ PCR වාර්තා යාපනය රෝහලේදී පරික්ෂා කර පසුගිය 11වනදා ලබාගත් නමුත් ඉන් කිසිවෙකුත් කොවිඩ් ආසාදිතයින් නොවන බවයි.


RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...