27.2 C
Colombo
Saturday, June 21, 2025

හරක් කටාගේ සහ ආමි චූටිගේ ගෝලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා”ගේ සහ ඔහු සමග සමීප සම්බන්ධනා පවත්වන ලබන “ආමි චූටි” නමැති පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගොලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි ඕමල්පගේ ධම්මික සමන් කුමාර සහ 53 හැවිරිදි කංකානම් ආරච්චිගේ සුජීව නැමැති පුද්ගලයින් දෙදෙනෙක්.

අදාළ සැකකරුවන් සතුව තිබී රුපියල් කෝටි 20කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග එක්ව පිළියන්දල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සතුව තිබූ මත්ද්‍රව්‍ය තොගයේ, හෙරොයින් කිලෝග්‍රෑම් 6 ග්‍රෑම් 910 මිලිග්‍රෑම් 500 සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 17ක් තිබූ බවද පොලීසිය පවසනවා

එමෙන්ම, මෙහිදී ‍ඔවුන් සතුව තිබූ යතුරුපැදියක් හා ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES