24 C
Colombo
Thursday, February 13, 2025

ප්‍රංශ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටී 30කට තුවාල

- Advertisement -

ප්‍රංශයේ ට්‍රාන්ස්බර්ග් ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටී බරපතළ අනතුරක් සිදුව තිබෙනවා.

එහිදී ට්‍රෑම් රථ දෙකේ ගමන් කළ පුද්ගලයින් 30 දෙනෙක් තුවාල ලබා ඇති බවට වාර්තා වනවා.

ට්‍රෑම් රථ දෙක එකිනෙක ගැටී අනතුරට ලක්වී තිබුණේ ඉන් එක් ට්‍රෑම් රථයක් හදිසියේ පථය වෙනස් කර අනෙක් පථයක් වෙත යොමුවීමෙන් අනතුරුවයි.

ඉන් පසුව එය නවත්වා තිබූ ට්‍රෑම් රියක ගැටී තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සමඟ විශාල දුමාරයක් ද පැතිර ගිය බවත් ඉන් අනතුරුව දුම්රියේ සිරවූ පිරිස් මුදාගැනීම ආරම්භ කළ බවත් සඳහන් වනවා.

අනතුරින් කිසිවෙක් මියගොස් නොමැති අතර තුවාල ලැබූවන්ගෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවට වාර්තා වනවා.

මේ අතර අනතුරට නිශ්චිත හේතු සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් පවසා සිටියා...

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

POPULAR ARTICLES