27 C
Colombo
Friday, April 19, 2024

දියර පොහොර රැගත් ඉන්දීය ගුවන් හමුදා යානා 2 ක් මෙරටට

- Advertisement -

ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගත් ඉන්දීය ගුවන් හමුදාවේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් අද (04) අලුයම කටුනායක ගුවන්තොටුපළට ළඟා විය.

ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරිවරයා සඳහන් කළේ, ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 8 ඩී 21 භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද අලුයම 12.06 ට දිවයිනට පැමිණි බවයි.

එම ගුවන් යානය තුළ ඇති නැනෝ නයිට්‍රජන් දියර පොහොර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 44,730 කි.

අනෙක් යානය වන අයි.එෆ්.සී. – 8 – ඊ – 21 දරණ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය නැනෝ නයිට්‍රජන් පොහොර කිලෝග්‍රෑම් 44,773ක් රැගෙන එනු ලැබුවා.

පොහොර තොගය ලොරි රථ මගින් කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑමට සූදානම් කර ඇතැයි වාර්තා වනවා.

මීට පෙර පසුගිය මස 20 වැනිදා නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් මෙරටට රැගෙන එනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...