29.5 C
Colombo
Wednesday, July 9, 2025

ඉරානයේ විනිසුරුවරුන් දෙදෙනෙකු ඝාතනය කෙරේ

- Advertisement -

ඉරානයේ ටෙහෙරාන් නුවර ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් එරට ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අධිකරණයට ඇතුළු වූ ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් අලි රසිනි සහ මොහොමඩ් මොගිසේ නමැති එම විනිසුරුවරුන් ඝාතනයට ලක්ව ඇති බවයි.

මෙම වෙඩි ප්‍රහාරයෙන් අධිකරණයේ සිටි ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා ඇති අතර ප්‍රහාරකයාද එම ස්ථානයෙන් ඉවත්ව ගොස් වෙඩි තබා සියදිවි නසා ගෙන ඇති බවද එම වාර්තාවල සඳහන්.

වෙඩි තැබීමට හේතුවක් මෙතෙක් හෙළි වී නොමැති නමුත්,  1980 සහ 1990 දශකය පුරාවට පැවති ඉස්ලාමීය පාලනය තුළදී විරුද්ධවාදීන්ට හිංසා පීඩා කිරීම සහ ඝාතනය කිරීම සඳහා මෙම විනිසුරුවරුන් දෙදෙනාම මැදිහත්වී ඇති බව බීබීසී ලෝක සේවය වාර්තා කරනවා.

ඉරානයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුවරයෙකු වූ මෙම දෙදෙනාගෙන් එක් අයෙකු වන රසිනි 1998 වසරේදීද ඝාතන තැතකින් දිවි ගලවා ගෙන තිබුණා.

අනෙක් විනිසිරු වන මොගිසේට 2019 දී ඇමරිකා එක්සත් ජනපදය විසින් සම්බාධක පනවා ඇත්තේ ඔහු නඩු විභාග විශාල ප්‍රමාණයක් අසාධාරණ ලෙස මෙහෙයවූ බවට චෝදනා කරමින්.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථමවරට රැස්වෙලා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව ප්‍රථමවරට රැස්වුණා. ඒ...

වතුර පරිස්සමින් පාවිච්චි කරන්න

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව...

නවකවධය වැළැක්වීමට නිර්දේශ රැසක්

විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නිර්දේශ කිහිපයක්   ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නවකවධය පිළිබඳ සිදුවීම් වාර්තා කිරීම සඳහා පැය...

POPULAR ARTICLES

ඉන්දියාවේ පාලමක් කඩාවැටී පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසර 40ක් පැරණි මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමග ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක්...