26 C
Colombo
Tuesday, May 21, 2024

මොරගහහේන ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

- Advertisement -

මොරගහහේන, මිරිස්වත්ත ප්‍රදේශයේදී අද (23) අලුයම 02.00ට පමණ අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා.

මීපේ දෙළුකැටිය පොලිස් මාර්ග බාධකයේදී මෙම ත්‍රිරෝද රථයට නවත්වන ලෙස පොලිසිය අණ කළත් එම අණ නොතකා, පොලිසිය දෙසට ඔවුන් වෙඩිතබා පළා ගොස් ඇති අතර, පසුව එම ස්ථානයේ සිට පොලිස් නිලධාරීන් ඒ බව අවට පොලිස් ස්ථාන සහ මාර්ග බාධක වෙත දැනුම් දී තිබුණා.

එහිදී වෙඩි තැබීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා පැමිණ සිටි බස්නාහිර පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඇති අතර, පැමිණි එම ත්‍රිරෝද රථය නවත්වන ලෙස අණ කර ඇතත්, ඔවුන් පොලිසිය දෙසට වෙඩි තබා පළායාමට උත්සහ කර තිබෙනවා.

ඒ අනුව එම නිලධාරීන් විසින් ත්‍රිරෝද රථය හඹාගොස් පාදුක්ක – මොරගහහේන මාර්ගයේ පුවක්වත්ත මංසන්ධිය අසලදී සිදුකළ වෙඩිතැබීමකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසනවා.

එහිදී 22mm පිස්තෝල වර්ගයේ ගිනි අවියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

ගසක් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා

දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටී දුම්රිය ධාවනයට බධා එල්ලවී තිබෙනවා. කොට්ටාව සහ පන්නිපිටිය අතර දුම්රිය මාර්ගයට මෙලෙස ගසක් කඩාවැටී ඇති බවට වාර්තා වනවා. ඒ හේතුවෙන් කැලණිවැලි දුම්රිය...

කසිප්පු පෙරූ එස්.අයි. ගේ වැඩ තහනම්

කවරක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අතරතුර මිහින්තලේ තම නිවෙසේ කසිප්පු නිෂ්පාදනය කළ බව කියන උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික්ක...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...