26.7 C
Colombo
Monday, July 21, 2025

රත්තරන් වැසිකිළියක් සොරා ගත් දෙදෙනෙකුට එංගලන්ත උසාවියෙන් දඬුවම්

- Advertisement -

කලා ප්‍රදර්ශනයක තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 6.4 ක් වටිනා රන් වැසිකිළියක් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකුට බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් වසර දෙකකට වැඩි සිර දඬුවමක් නියම කර තිබෙනවා.

2019 සැප්තැම්බර් මාසයේදී බ්ලෙන්හයිම් මාලිගයේ, ජනේලයක් කඩා දමා සොරුන් පස් දෙනෙකු විසින් සමකාලීන කලා කෘතියක් ලෙස ප්‍රදර්ශනය කරමින් තිබූ කැරට් 18 රත්‍රන්වලින් නිම කළ මෙම වැසිකිළිය සොරාගෙන තිබුණා.

මෙම කලා කෘතිය සැබෑවටම වැසිකිළියක් ආකාරයෙන් භාවිතයට ගත හැකි පරිදි නිමවා තිබූ අතර, පැහැර ගැනීමෙන් අනතුරුව එය කොටස් කර විකුණා දමා ඇති බවට විශ්වාස කෙරෙනවා.

මෙහිදී, සොරකම් කිරීම, කුමන්ත්‍රණය කිරීම සහ සොරාගත් දේපළ වෙනස් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ කම්කරුවෙකු වන 40 හැවිරිදි ජේම්ස් ෂීන්ට, ඔක්ස්ෆර්ඩ් ක්‍රවුන් අධිකරණයේදී වසර හතරක සිර දඬුවමක් නියම වුණා.

ෂීන් අතවැසියා වූ 39 හැවිරිදි මයිකල් ජෝන්ස් සොරකම් කිරීම සම්බන්ධයෙන් වරදකරු කෙරුණු අතර ඔහුට වසර දෙකයි මාස තුනක සිර දඬුවමක් නියම වී තිබෙනවා.

මෙම වැසිකිළියේ බර රාත්තල් 215 කට වඩා වැඩි වූ නමුත් එහි ඇත්තේ රත්‍රන්වල බරට වඩා වැඩි වටිනාකමක්.

එවකට රත්තරන් වල වටිනාකමට අනුව මෙම වැසිකිළිය ඇමරිකානු ඩොලර් මිලියන 3.5 ක් වූ නමුත් එය පවුම් මිලියන 4.7 කට රක්ෂණය කර තිබුණා.

ඉතාලි සංකල්පීය කලාකරුවෙකු වන මොරිසියෝ කැටෙලන් මෙම වැසිකිළිය නිමවා තිබුනේ ඇමරිකාවේ පාරිභෝගික සංස්කෘතිය පිළිබඳ උපහාසාත්මක විවරණයක් ලෙසින්.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES