28.2 C
Colombo
Saturday, April 20, 2024

දැල්පන්දු කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවකටම මිලියන දෙකක්

- Advertisement -

ආසියානු ක්‍රිකට් ශූරයින්, දැල්පන්දු ශූරියන් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පිදීමේ උත්සවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවැත්වුණා.

එහිදී ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගත් ජතික කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවකටම රුපියල් මිලියන 2ක බැගින් ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණා.

තවද පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම්ලාභියෙකුට රුපියල් මිලියන 10ක් සහ ලෝකඩ පදක්කම්ලාභියෙක් සඳහා රුපියල් මිලියන 5 බැගින් ද ලබාදීමට කටයුතු කෙරුණා.

ජයග්‍රහණ දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් සඳහා ක්‍රීඩා අරමුදලින් 25% ක් වෙන් කිරීමටද මේ වන විට තීරණය කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අපේක්ෂා රෝහලට පරිත්‍යාගයක් ලෙස ලබාදෙන අමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක චෙක්පතක් ජනාධිපතිවරයා වෙත මෙහිදී භාරදුන්නා.


RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...