24 C
Colombo
Sunday, February 16, 2025

ඊ ටිකට් වංචාවට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී දුම්රිය දෙපාර්තමෙන්තුවේ සේවයේ නියුතු තාක්ෂණික නිලධාරිවරයෙකුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දුම්රිය ඊ ටිකට් පත් චංවාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන සහ පරීක්ෂණ කටයුතු අනුවයි.

සැකකරුකරු සතුව තිබී ඒ දුම්රිය ඊ ටිකට් 92ක්ද හමුව තිබෙනවා.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව මෙම ටිකට් පත් සංචාරකයින්ට සහ අනෙකුත් සංචාරකයින්ට වැඩි මුදලට විකිණීම සඳහා ළඟතබා ගත් බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු මාතලේ ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන එ්කකය විසින් ඔවුන්ට ලත් තොරතුරකට අනුව ඊ ටිකට්පත් 29 සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු සන්තකයේ තිබී රුපියල් 131,000 ආසන්න මුදලක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අනුව, ඊ ටිකට් පත් චංවාව සිදුකර මෙම ටිකට් පත් වෙනත් පාර්ශවයන් වෙත ලබාදුන් තැනැත්තන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබනවා.

සැකකරුවන් තිදෙනා අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES