28 C
Colombo
Wednesday, April 17, 2024

තවත් මනුෂ්‍ය ඝාතන දෙකක්

- Advertisement -

පේරාදෙණිය හා මහකුඹුක්කඩවල ප්‍රදේශවලදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා.

පේරාදෙණිය, පිලපිටිය ප්‍රදේශයේදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී 47 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය සදහන් කරනවා.

එමෙන්ම පහරදීමේ සිදුවීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද පොලීසිය පවසනවා.

කෙසේවෙතත් පොලීසිය සදහන් කරන්නේ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විටත් විමර්ශන ක්‍රියාත්මක බවත්ය.

මේ අතර මහකුඹුක්කඩවල ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී 56 හැවිරිදි පුද්ගලයෙකුද ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ, මත්පැන් සාදයකදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන ඇමති සුසිල් චිකාගෝ ගිහින්

ඇමරිකාවේ සංචාරයක නිරත අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා චිකාගෝහි පිහිටි ඉලිනොයිස් සරසවියේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ එහිදී එම සරසවියේ සෞඛ්‍ය සහ...

කොත්තු රොටියට රු 1900ක් ඉල්ලූ කෑම කඩේ මුදලාලි අත්අඩංගුවට

කොළඹ Street Food අලෙවි සැලකදී රුපියල් 1,900කට කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙක් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආහාර...

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ, ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා අද (16) පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා මියයන විට ඒ මහතා 92 වැනි වියේ පසුවුණා. 1931...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...