30 C
Colombo
Thursday, January 16, 2025

මීගොඩ වෙඩි තැබීමට සැක තවත් දෙකක් අත්අඩංගුවට

- Advertisement -

මීගොඩ ප්‍රදේශයේදී පසුගිය 14 වැනි දා වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 19 වැනි දින මෙම අපරාධයට සම්බන්ධ වෙඩික්කරු සහ ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතරම පසුගිය 22 වැනි දින තවත් සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණා.

එම සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව ඊයේ (23) සවස් කාලයේදී මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු මීගොඩ පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් වසය අවුරුදු 26 සහ 33 වියේ පසුවන මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වනව.

මොවුන් දෙදෙනා ඉහත අපරාධය සිදුකිරීම ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

තවද එක් සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත මීගොඩ කුරුඳුවත්ත පාරේ ඕවිටක ඉවුරේ සඟවා තිබූ මිලිමීටර් 9 වර්ගයේ පිස්තොල අවියක් සහ එම ජීව පතොරොම් 10ක් ද සොයාගැනීමට පොලීසිය සමත් ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය හා මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා. 


RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...