අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ තබාගෙන සිටියදී. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එහි වටිනාකම රුපියල් මිලියන 7.5ක් පමණ වන බවට ගණන් බලා ඇති බවයි. එමෙන්ම සැකකරුවන් සන්තකයේ තිබී වාහනයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.