ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක්වී ඇතිද යන්න සෙවීමට ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස එවකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝග දෙකක් අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද (30) නියෝග කළා.
මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලමින් මහාධිකරණයට ගොනු කළ අයදුම්පතක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ගොනු කළ පෙත්සමක තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සම්පත්. බී අබේකෝන් සහ පී. කුමාරරත්මන් යන මහත්වරුන් මෙම තීන්දුව ලබා දුන්නා.
නීතිඥ මනුෂිකා කුරේ මහත්මියගේ උපදෙස් පරිදි ගොනු කරන ලද පෙත්සම වෙනුවෙන් නීතිඥ සුරේන් ඩී පෙරේරා සහ නීතිඥ පවිත්‍ර මනුජය ද සිල්වා ඇතුළු නීතීඥ කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දැක්වුවා.