පනාමුරේ පොලිස් ස්ථානය තුළදී තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් 03ක් අනුයුක්ත කර ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ.
පවුල් ආරවුලක් මත බිරිඳ සිදුකළ පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට ගැණුනු පනාමුර, වැලිපොතයාය පදිංචිකරුවෙකු වූ 38 හැවිරිදි තිදරු පියෙකු පොලිස් සිරමැදිරියේදී ගෙල වැලලාගෙන මියගොස් ඇති බවට ඊයේ වාර්තා වුණා.
පොලීසිය පැවසුවේ එම සැකකරු රෝහල් ගතකිරීමේදී මියගොස් සිටි බවයි.
එම සිද්ධිය සැලවීමත් සමග කුපිතවූ ප්‍රදේශවාසීන් අද (17) පෙරවරුවේ පනාමුර පොලිස් ස්ථානය ඉදිරිපිට රැස්ව අදාළ මරණය සම්බන්ධයෙන් පොලීසියට චෝදනා එල්ල කළා.
මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද (17) පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගේ අවධානය යොමු කළා.