26.7 C
Colombo
Monday, June 16, 2025

මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙක් මරුට

- Advertisement -

දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ඊයේ (17) දිනයේදී මෙම අනතුරු සිදුව ඇති බවයි.

ඒ අනුව, ඊයේ සවස් කාලයේදී හබරණ පොලිස් වසමේ කුඩාරඹාවැව කුඹුක්වැව මාර්ගයේ කුඩාරඹාවැව වෙල් යාය අසලදී කුඹුක්වැව දෙස සිට කුඩාරඹාවැව දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගයේ රැඳි සිටි පිරිමි දරුවෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ එම දරුවා හබරණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 08ක් වූ කුඩාරඹාවැව හබරණ ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

එමෙන්ම ඊයේ සවස් කාලයේදී වාරියපොළ පොලිස් වසමේ වාරියපොල හලාවත මාර්ගයේ වාරියපොල නගරයේදී කුරුණෑගල දෙස සිට වාරියපොල බස් නැවතුම්පොල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පදික මාරුව හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව වාරියපොල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 66ක් වූ මහකෙළිය, වාරියපොල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සිදුවූ අනතුරු සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි...

POPULAR ARTICLES