28.4 C
Colombo
Wednesday, July 9, 2025

විෂ වායු ආඝ්‍රාණය වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

- Advertisement -

මාලඹේ කහන්තොට පාර ජයන්ති මාවත නිවසක් තුළ දී විස වායුවක් කාන්දු වීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇතැයි මාලඹේ පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක සහ 43 ක පුද්ගලයන් දෙදෙනෙක්.

පොලිසිය පවසා සිටියේ මියගිය දෙදෙනාගේ සිරුරු කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි.

මෙලෙස මියගිය පුද්ගලයන් දෙදෙනා යම්කිසි රසායන ද්‍රව්‍යයන් කිහිපයක් කලවම් කිරීමට යාමේදී ඇතිවූ විස දුමක් කාන්දු වීම නිසාවෙන් හුස්ම ගැනීමට නොහැකිව මෙලෙස මරණයට පත්වන්නට ඇතැයි සැක කරන බව පොලිසිය සඳහන් කළා.

නිවසේ තිබෙන රසායනික ද්‍රව්‍ය පිළිබඳව තවමත් හඳුනාගැනීමට නොහැකි වී ඇති බවත් නිවස තුළ අදාළ විෂ වායුව තවමත් තිබෙන බැවින් පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා නිවස තුළට යෑමේ අපහසුතාවයක් තිබෙන බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පැමිණ පරීක්ෂණ කටයුතු සිදුකරන බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

වාහනවල තත්වය බලන වැඩක්

වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට වරාය ගුවන් සේවා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ,...

කඳානේ වෙඩි තැබිමට දෙදෙනෙක් අත්අඩංගුවට

කඳාන, පොදු වෙළෙඳසැල අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ලද තොරතුරකට...

ඉන්ධන බෙදා හැරීම ගජමිතුරන්ට;බවුසර් රථ හිමිකරුවන්

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබාදීමට පියවර ගනිමින් සිටින් බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ...

POPULAR ARTICLES