24 C
Colombo
Saturday, May 24, 2025

මස්කෙළියේ අනතුරකින් දෙදෙනෙක් මරුට

- Advertisement -

මස්කෙළිය, බ්‍රවුන්ලෝ ප්‍රදේශයේදී අද (09) පස්වරු 03.45 ට පමණ ත්‍රීවිල් රථයක් කැබ් රථයක ගැටීමෙන් ත්‍රීවීල් රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙක් සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගොස් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බව මස්කෙළිය පොලිසිය පවසනවා.

මියගොස් ඇති දෙදෙනා නල්ලතන්නිය, මරේ තේ වතුයායේ වලදල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

අනතුරට පත් මෙම ත්‍රීවිල් රථය මස්කෙළිය ප්‍රදේශයේ සිට නල්ලතන්නිය ප්‍රදේශයට ධාවනය කරමින් තිබියදී කිරි ප්‍රවාහනය කරන කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලිසිය පැවසුවේ, සිද්ධියෙන් මියගිය දෙදෙනාගේ මළ සිරුරු මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති බවත්, අසාධ්‍ය තත්ත්වයේ සිටි තුවාලකරුවන් දෙදෙනා දික් ඔය මූලික රෝහලට ඇතුලත් කළ බවයි.

RECENT ARTICLES - SINHALA

හෙට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ...

මාලිනිය වෙනුවෙන් ජනපති තැබූ සටහන

ලාංකේය සිනමාවේ සැබෑ නිරුපිකාවක් වූ මාලනි ෆොන්සේකාගේ අභාවය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පාවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්...

ලබන අවුරුද්දේ මැයි 24 වෙනකොට මේ ආණ්ඩුව ඉවරයි – නලින් බණ්ඩාර

ලබන වසරේ මැයි 24 වනදා වන විට මේ ආණ්ඩුව පලවා හරින බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. අද (24) කොළඹදී...

POPULAR ARTICLES