24 C
Colombo
Sunday, January 19, 2025

කුකුල් මස් කිලෝවක් අල්ලස් ගත් දෙන්නෙක් අත්අඩංගුවට

- Advertisement -

රුපියල් එක්දහස් එකසිය හැත්තෑවක් වටිනා කුකුලු මස් කිලෝවක් අල්ලස් වශයෙන් ලබා ගත් මීරිගම ප්‍රාදේශීය සභාවේ දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ ප්‍රාදේශීය සභාවේ වේවැල්දෙණිය උප කාර්යාලයේ සේවය කරන වැඩබලන ආදායම් නිලධාරීවරයෙකු සහ මාර්ග අංශයේ කම්කරුවෙක්.

කොස්ගම ප්‍රදේශයේ පුද්ගලයෙකු කරන ලද පැමිණිල්ලකට අනුව, ඔහුගේ වෙළදසැලේ 2025 වර්ෂයට අදාළ වාර්ෂික වෙළද බලපත්‍රය ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දීම සදහායි මෙලෙස කුකුලු මස් කිලෝවක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇත්තේ.

පැමිණිලිකරුගේ වෙළදසැල ඉදිරිපිටදී ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

මහ ගංවතුර තත්ත්වයක්; වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු...

‍මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු

මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමේ සිදුවිම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු අ‍ැතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ සැකකරුවන් අතර...

POPULAR ARTICLES