බලපත්‍ර නොමැතිව වැලි ගොඩදැමීම හා ට්‍රැක්ටරයකින් වැලි ප්‍රවාහන කළ පුද්ගලයකුට නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් 2000 ක අල්ලසක් ගත් බව කියන පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් මඩකළපුව, අරුප්පනේ ප්‍රදේශයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව මඩකළපුව, කොක්කඩිචෝලෙයි උප ඒකකයේ සේවයේ නියුතුව සිටි සැරයන්වරයක් සහ කොස්තාපල්වරයෙක්.
මඩකලපුව – කාචංකුඩා ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කළ පැමිණිල්ලකට අනුව සැකකරුවෝ අත්අඩංගුවට ගනු ලැබුවා.
පැමිණිලිකරු මඩකලපුව – අරුප්පනේ ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනාට අල්ලස් මුදල් ලබාදෙන අවස්ථවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.