28 C
Colombo
Thursday, January 16, 2025

ගිනිඅවියක් සමග පුද්ගලයින් දෙදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

- Advertisement -

මෙරට නිෂ්පාදිත මිලිමීටර් 8 පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සමග සැකකරුවන් දෙදෙනක් සීනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට ලද තොරතුරක් මත අදාළ සැකකරුවන අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී මිලිමීටර් 9 ගිනි අවි සඳහා භාවිත කරනු ලබන උණ්ඩ 50කට අධික ප්‍රමාණයක්, අත්බෝම්බ 02ක් සහ ටී – 56 ගිනි අවිය සඳහා භාවිත කරනු ලබන පතොරම් 80කට අධික ප්‍රමාණයක් පොලීසිය විසින් මෙහිදී සොයාගෙන තිබෙනවා.

මේ අතර මෙවැනි නීනිවිරෝධී ගිනිඅවි සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි හා ආවේක්ෂණ ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලීසිය විසින් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව, 071 8596476 යන දුරකථන අංකයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි හා ආවේක්ෂණ ස්ථානාධිපතිවරයා සම්බන්ධ කරගත හැකි බවද පොලීසිය පැවසුවා.

මේ අතර ඊයේ (04) තංගල්ල ප්‍රදේශයේදී ද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් ව තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔකේවෙල, වතුමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...