24 C
Colombo
Thursday, February 13, 2025

පොලිසියේ දෙන්නෙකුගේ වැඩ තහනම්

- Advertisement -

බලපත්‍ර සහිතව සතුන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් නවතා සත්ත්ව හිංසාව යටතේ නඩු පවතින බවට බියගන්වා රුපියල් එකොළොස් දහසක මුදලක් බලෙන් ලබාගත් බව කියන පොලිස් සැරයන් දෙදෙනෙක් සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසනවා.

මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ, වීරවිල පොලිසියට අනුයුක්තව රාජකාරිය කළ පොලිස් සැරයන් දෙදෙනෙක් සහ කොස්තාපල්වරු දෙදෙනෙක්.

පොලිසිය පවසන්නේ, මෙම නිලධාරින් සිව්දෙනා ඉකුත් (10) දින වීරවිල හුළංනුගේ ප්‍රදේශයේදී සතුන් ප්‍රවාහනය කරමින් තිබූ බලපත්‍ර සහිත මෙම ලොරි රථය නවතා පරීක්ෂා කර ඇති බවයි.

එහිදී මෙම නිලධාරීන් ලොරි රථයේ සිටි පුද්ගලයන්ට සත්ව හිංසාව යටතේ නඩු පවරන බවට බියගන්වා  මෙම මුදල් බලෙන් ලබාගෙන ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගහගෙන ගිහින්

පානදුර මුහුදේ ඊයේ (12) පස්වරුවේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් ඉන් 12 දෙනෙකුගේම දිවි බේරාගැනීමට හැකි වූ බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය...

POPULAR ARTICLES