26.1 C
Colombo
Monday, July 21, 2025

කරදර නොකර වැලි ගෙනියන්න දෙන්න: පොලිස් සැරයන්ලා අල්ලස් අරන්

- Advertisement -

රු. 25,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියකට චෝදනා ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අල්ලස් කොමිසම විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලි ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර කටයුතු ඉදිරියට කරදරයකින් තොරව සිදු කිරීමට සහ එම ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා අදාළ නිලධාරීන් දෙදෙනා එම පුද්ගලයාගෙන් රුපියල් 25,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වෙන්නේ.  

මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත අදාළ පොලිස් සැරයන්වරු දෙදෙනා අල්ලස් කොමිසම විසින් අල්ලස් මුදල් ඉල්ලීම සහ භාර ගැනීම මෙන්ම එයට අනුබල දීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙක් වන අතර ඔවුන්  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES