යතුරු පැදිකරුවකු අධිකරණයට ඉදිරිපත් නොකිරීම සදහා රුපියල් 5000ක අල්ලසක් ලබාගත් කිළිනොච්චිය පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය ඊයේ (4) සිට අත්හිටු වීමට කිළිනොච්චිය පොලිස් අධිකාරීවරයා පියවර ගෙන තිබෙනවා.
යතුරු පැදියේ ලියකියවිලි වල අඩුපාඩු තිබීම හේතුවෙන් ඔහුට එරෙහිව නීති මගින් කටයුතු නොකිරීම පිණිස මෙම අල්ලස් මුදල ලබා ගෙන ඇති බව පැවසෙනවා.
යතුරු පැදිකරු මේ පිළිබදව කිළිනොච්චිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු මගින් මූලික විභාගයක් සිදු කර පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සේවය මෙසේ අත්හිටුවා තිබෙනවා.
මෙම නිලධාරීන් දෙදෙනා හා ඔවුන් අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් තමන් වෙත ඉදිරිපත් කරන ලෙසද පොලිස් අධිකාරීවරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන සහකාර පොලිස් අධිකාරීවරයාට දැණුම් දී තිබෙනවා.