27 C
Colombo
Saturday, June 10, 2023

විරෝධතාකරුවන්ට තලේබාන්වරුන්ගෙන් වෙඩි. දෙදෙනෙක් මියයති

- Advertisement -

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තාන ජාතික ධජය වෙනස් කිරීමට එරෙහිව එරට වැසියෝ දහස් ගණනක් ඊයේ නගර ගණනාවකදී විරෝධතා දැක්වූහ.

රතු, කලු සහ කොල පැහැයෙන් යුතු ඇෆ්ගනිස්තාන ජාතික ධජය වෙනුවට තම සංවිධානයේ කොඩිය යොදාගැනීමට තලේබාන්වරුන් කටයුතු කර තිබිණ.

ඒ අනුව ඊයේ එනම් අගෝස්තු 19 වනදාට යෙදුණු 1919 දී ඇෆ්ගනිස්තානය ඉංග්‍රීසින් වෙතින් නිදහස් ලැබීමේ නිදහස් දිනය සමරමින් වීදිවලට බට දහස් සංඛ්‍යාත ඇෆ්ගනිස්තාන වැසියෝ එය තලේබාන්වරුන්ට එරෙහි විරෝධයක් බවට පරිවර්තනය කළහ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කාබුල් අගනුවර මෙන්ම තවත් නගර ගණනාවක දී අපේ ධජය අපේ අනන්‍යතාවයි යනුවෙන් හඩ නගමින් දැවැන්ත විරෝධතා පැවති බවයි.

තලේබාන් සංවිධානයේ දැඩි සීමා නොතකා මෙම විරෝධතා සදහා කාන්තාවන් පවා එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබිණ.

මෙම විරෝධතා මැඩලීම සදහා ප්‍රදේශ ගණනාවක දී තලේබාන්වරුන් විසින් වෙඩි තබා තිබූ අතර කුන්දුස් හි දී සිදුකළ වෙඩි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකුවත් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙහිදී තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර පවතින නොසන්සුන්තා සමනය කිරීම සදහා සිකුරාදා යාඥාවලදී එක්සත්කම වෙනුවෙන් යාඥා කරන්නැයි තලේබාන්වරුන් සියලුම ඉමාම්වරුන්ට දන්වා ඇතැයි ද සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.