පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ නම්කළ නිලධාරීන් අතරට ශ්රී ලාංකිකයන් දෙදෙනෙක්ද ඇතුළත් වනවා.
ඒ තරග තීරකවරියක් සහ විනිසුරුවරියක් ලෙසයි.
තරග තීරකවරියක් ලෙස මිෂෙල් පෙරේරා කටයුතු කරන අතර විනිසුරුවරියක් ලෙස නිමාලි පෙරේරා නම්කර තිබෙනවා.
9 වැනි වතාවටත් ක්රියාත්මක ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ලොව පුරා ක්රිකට් ක්රීඩා කරනු ලබන රටවලින් තෝරා ගන්නා ලද නිලධාරීවරියන් 10 දෙනෙකු සඳහා මේ අවස්ථාව හිමි වනවා.
කාන්තා 20යි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ඔක්තෝබර් 3 වැනිදා සිට ඔක්තෝබර් 20 වැනිදා දක්වා පැවැත්වෙනවා