30.7 C
Colombo
Tuesday, April 23, 2024

කාබුල් අගනුවර රුසියානු තානාපති කාර්යාලය අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

- Advertisement -

ඇෆ්ගනිස්ථානයේ, කාබුල් අගනුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා.

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් එම ප්‍රහාරය එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය පැවසුවා.

මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය රුසියානු තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශ පිවිසුම අසලදී එල්ලවී ඇති අතර සිද්ධියෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිදුවීමෙන් තුවාල ලැබූ තවත් 11 දෙනෙකු රෝහල් ගත කොට ඇති අතර මියගිය සහ තුවාල ලැබූ පිරිස තවත් ඉහළ යනු ඇති බවයි වාර්තා වන්නේ.

මරාගෙන මැරෙන බෝම්බකරු තානාපති කාර්යාලය අසලට පැමිණෙමින් සිටියදී එහි ආරක්ෂාවට යොදා සිටි තලෙයිබාන් සටන්කාමින් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේදී , බෝම්බය පුපුරා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.

කාබුල් අගනුවර පිහිටි සිය තානාපති කාර්යාලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බවට රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ඇෆ්ගනිස්ථානයේ පාලනය තලෙයිබාන්වරුන්ට නතුවීමෙන් පසුව බොහෝ රටවල් එහි තානාපති සේවා කාර්යාල ඉවත් කරගනු ලැබුවද රුසියාව ඇතුළු රටවල් කිහිපයක් පමණක් තවදුරටත් එහි සේවා පවත්වාගෙන යනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

රට රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු බඩල්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කැනඩාවේ සහ...

තවත් පිරමීඩ යෝජනා ක්‍රම 8ක් ගැන මහ බැංකුවෙන් දැනුම්දිමක්

පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 8ක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක...

මොරගහහේන වෙඩිතැබීම ගැන තවත් තොරතුරු හෙළි වෙයි

මොරගහහේන, මිරිස්වත්ත ප්‍රදේශයේදී අද (23) අලුයම 02.00ට පමණ අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තබා තිබුණා. දොම්පේ දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක්...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...