29 C
Colombo
Thursday, July 17, 2025

පොලීසියෙන් විශේෂ රථවාහන ව්‍යාපෘති දෙකක්

- Advertisement -

Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් රිය අනතුරු හා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබෙනවා.

මෙහි පළමු මෙහෙයුම මගින් රථවාහනවල විවිධ නාද රටා, විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන් සවි කර ධාවනය, නීති විරෝධී සවි කිරීම්, ඝෝෂාකාරී නලා සවි කිරීම්, අධික ශබ්ද සහිත සයිලන්සර්, අනතුරු ඉහළ යන ආකාරයෙන් අන්ත්‍රාදායක ලෙස අමතර කොටස් සවි කිරීම (ඉෂ්ඨරූප) සමගින් ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතයි.

දෙවන මෙහෙයුම මගින් උපායදූතයින් යොදවා පොදු ප්‍රවාහන බස් රථ ධාවනයේදී රියදුරන් සිදු කරන රථවාහන වැරදි අනාවරණය කර ගැනීමෙන් පසු එම වැරදි සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබනවා.

මෙම මෙහෙයුම් ඊයේ (04) දින සිට එළැඹෙන 19 වැනි දින දක්වා සති දෙකක කාලයක් රියදුරන් හා මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එහිදී රියදුරන් වෙන අවවාද කර දැනුවත් කිරීමට කටයුතු කරන බවත් මෙම පළමු මෙහෙයුමට අදාළව රථවාහනවල සවි කර ඇති අමතර කොටස් එම කාලය තුළ වාහනවලින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස රියදුරන්ට හට උපදෙස් ලබා දෙනු ඇති බවත් පොලීසිය සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

ඉදිරියේදී මෙම ක්‍රමවේදය නොකඩවා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර එහිදී රථවාහනවල අමතර කොටස් සවිකර ධාවනය කරන හා පොදු ප්‍රවාහන බස් රථවලට උපාය දූතයින් යොදවා තොරතුරු ලබා ගෙන සිදුකරන වැරදිවලට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරන බවත් එහි සඳහන්ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කහවත්ත තරුණයා ඝාතනය : තවත් දෙදෙනෙක් රිමාන්ඩ්

කහවත්ත තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් තරුණයකු වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට තුවාල සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයන් දෙදෙනකු...

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැලිලද? හරිනිගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

කුරුලු උයනේ හිමිකරු රිමාන්ඩ්

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුව අද (17)...

POPULAR ARTICLES