28 C
Colombo
Thursday, January 16, 2025

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙක් මාට්ටු

- Advertisement -

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (24) අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසනවා.

මේ මස 22 වනදා මාදම්පේ පොලිස් වසමේ දෙමටපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු අතින් සහ පයින් පහරදී වයස අවුරුදු 42ක් වූ පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා මනක්කුලම, කාක්කපල්ලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර, ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණා.

එම විමර්ශනයේදී අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් ඊයේ (24) සවස මාදම්පේ, දෙමටපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 හා 53 වයස්වල පසුවන කරවිටාගාරය ප්‍රදේශයේ පදිංචි පියෙකු සහ පුතෙකු බව පොලීසිය පවසනවා.

මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...