28.9 C
Colombo
Thursday, July 10, 2025

හරක් කටාට උදවු කළ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙන එයි

- Advertisement -

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (19) පස්වරුවේ රැගෙන විත් තිබුණා.

මොවුන් අතරින් පළමු වැන්නා නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධකරුට මෙරටින් පළා යාම සදහා උදව් උපකාර කළ බවට සැළකෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ රවිදු සන්දීප ගුණසේකරයි.

ඔහු කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනෙක් පුද්ගලයා මිනීමැරුම් , වෙඩි තැබීම් රාශියකටම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ චෝදනා ලබා සිටි මීගමුව ප්‍රදේශයේ පදිංචි අමිල චන්ද්‍රානන්ද යන අයයි.

කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මොවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණා.



RECENT ARTICLES - SINHALA

ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති...

අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියා රිමාන්ඩ්

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා රුපියල් 180000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් උතුරු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකු...

බදු තවත් අඩු කරගන්න බලනවා – හර්ෂණ

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 30%ක තීරුබදු ප්‍රමාණය ශ්‍රී ලංකාව ලැබූ සාර්ථකත්වයක් බවත්, නමුත්  තවත් අඩු කරවාගැනීම සඳහා සාකච්ඡා පවත්වන බවත් මුදල්...

POPULAR ARTICLES

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...

ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති...

පරාජයේ වාර්තාව ඉන්දියාවට

එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අද (10) ආරම්භ වූ තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට නොහැකි වුයේ නැහැ. ඒ අනුව ඔවුන් ජාත්‍යන්තර...