30 C
Colombo
Tuesday, April 16, 2024

චීනයේ නව අධ්‍යාපන ප්‍රතිපත්තිය විවේචනය කළ තරුණයන් අත්අඩංගුවට

- Advertisement -

අධ්‍යාපනය චීන භාෂාවෙන් සිදුකිරීම අනිවාර්ය කිරීමට චීන බලධාරීන් ගෙන ඇති තීරණය විවේචනය කළ චින්ගායි පළාතේ ටිබෙට් සිසුන් දෙදෙනෙකු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම තරුණයන් දෙදෙනා අදාළ විවේචනාත්මක සංවාදය සිදුකර ඇත්තේ චීනයේ භාවිතා කරන වීචැට් මෘදුකාංගය හරහා වීමයි.

රේඩියෝ ෆ්‍රී ඒෂියා සේවය වාර්තා කළේ අධිතාක්ෂණය ක්‍රමවේද හරහා එම සංවාදය නිරීක්ෂණය කළ බලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

චීන බලධාරීන් විසින් හදිසියේ ගෙන ඇති සැප්තැම්බර් සිට චීන භාෂාව අනිවාර්ය කිරීමේ තීරණය හේතුවෙන් ටිබෙට් ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බවද සදහන් වේ.

නව පෙළ පොත් මිලදී ගැනීම, අධ්‍යාපන රටාව වෙනස් වීම වැනි කරුණු හේතුවෙන් ඊට එරෙහිව ජන විරෝධයක් මතුව ඇතැයි ද එරට වාර්තා පවසයි.

RECENT ARTICLES - SINHALA

Breaking : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා මියගොස් තිබෙනවා. පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ නිවසේ දී විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ දී විදුලි සැර...

කම්හල් විසිදාහක් කම්කරු අංශයට පොලු තියලා

දිවයින පුරා කර්මාන්තශාලා විසි දාහකට වැඩි සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි ගාස්තු ගෙවීම පැහැර හැර තිබෙන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා. දිස්ත්‍රික්...

ත්‍රිරෝද රථ අනතුර‍කින් එකම පවුලේ 7කට තුවාලයි

පොල්ගහවෙල, හොදැල්ල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් අනතුරට ලක් වීමෙන් එකම පවුලේ 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊට ළමයි 04 දෙනෙකුත් ඇතුළත් බවයි වාර්තා වන්නේ....

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...