28 C
Colombo
Thursday, January 16, 2025

ජිනීවාහි ගොඩනැගිල්ලක් ඉදිරිපිට කතුන් දෙන්නෙක් අඩ නිරුවත්වෙලා

- Advertisement -

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ල ඉදිරිපිට අඩ නිරුවත් වූ යුක්‍රේන ක්‍රියාකාරී තරුණියන් දෙදෙනෙක් විරෝධතාවයක නිරතව තිබෙනවා.

ඔවුන් දෙදෙනා මෙලෙස අඩ නිරුවතින් මෙම විරෝධතාවයේ නියැලී ඇත්තේ, යුක්‍රේනයට ප්‍රහාර එල්ල කරන රුසියාවට හා එක්සත් ජාතීන්ට විරෝධය පළ කරමින් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ,

එහිදී මෙම තරුණියන් දෙදෙනා එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ල ඉදිරිපිට ඇති “කැඩුණු පුටුව” ස්මාරකයට හානි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම ස්මාරකය බිම් බෝම්බ සහ පොකුරු බෝම්බවලට එරෙහි විරෝධය සංකේතවත් කරන ලෙස ඉදිකර තිබෙනවා. 

ඔවුන් දෙදෙනා විසින් අත් කියතක් සහ යාන්ත්‍රික කියතක් භාවිත කරමින් ස්මාරකය කපා දමා ඇති අතර, තවද තීන්ත වර්ග ස්ප්‍රේ කරමින් ඊට හානි සිදුකර තිබෙනවා.

කෙසේවෙතත් විරෝධතාවයේ නිරත තරුණියන් දෙදෙනා පවසා ඇත්තේ, රුසියානු හමුදාව යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා පොකුරු බෝම්බ සහ පුද්ගල නාශක බිම්බෝම්බ භාවිත කරන බවයි.

මේ අතර ස්මාරකයට හානි කිරීම සම්බන්ධයෙන් අදාළ තරුණියන් දෙදෙනා ජිනීවා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වැඩිදුරටත් සඳහන්.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...