31 C
Colombo
Friday, April 19, 2024

ෂී ගේ තෙවැනි ධුර කාලය ගැන බුද්ධි අංශ අනතුරු ඇඟවීමක්

- Advertisement -

එක්සත් ජනපද වාර්ෂික බුද්ධි වාර්තාවකට අනුව, චීන නායක ෂී ජින්පින් සිය තුන්වන ධූර කාලයේ දී, බීජිං හා තායිවානය එක්සත් කිරීම සඳහා දිගටම බලපෑම් කරන අතර, කලාපය තුළ එක්සත් ජනපද බලපෑම යටපත් කිරීමට උත්සාහ කරනු ඇතැයි පැවසේ.

ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය (ODNI) විසින් නිකුත් කරන ලද “එක්සත් ජනපද බුද්ධි ප්‍රජාවේ වාර්ෂික තර්ජන තක්සේරුවේ” කොටසක් ලෙස මෙම නිගමන ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

චීන කොමියුනුස්ට් පක්ෂ පාලනය ශක්තිමත් කිරීමට, එහි භෞමික හිමිකම් සුරක්ෂිත කිරීමට සහ ගෝලීය බලපෑම හඹා යාමට චීනය වැඩි වැඩියෙන් එහි ආර්ථික, තාක්‍ෂණික සහ රාජ්‍ය තාන්ත්‍රික බලපෑම සමඟ තම වැඩෙන මිලිටරි බලය ඒකාබද්ධ කරන බව ODNI පෙන්වාදෙයි.

කෙසේ වෙතත්, ඒ සමගම, වයස්ගත ජනගහනය, ඉහළ මට්ටමේ ආයතනික ණය, ආර්ථික අසමානතාවය සහ තායිවානයේ සහ වෙනත් තැන්වල ක්‍රියාත්මක “අධික උපක්‍රම” වලට ප්‍රතිරෝධය වැනි අභියෝගවලට චීනය මුහුණ දෙමින් සිටින බවද වාර්තාව පෙන්වාදෙයි.

චීනය විසින් තායිවානය පාලනය කිරීමේ ඉලක්කය සාර්ථක වුවහොත්, ගෝලීය අර්ධ සන්නායක සැපයුම් දාම කඩාකප්පල් කිරීම ඇතුළුව “පුළුල් පරාසයක බලපෑම්” ඇති වනු ඇති බවට වාර්තාව අනතුරු අඟවා තිබේ.

RECENT ARTICLES - SINHALA

පාසල් දරුවන් වෙනුවෙන් සබලකෘත සහල් බෙදා දීම ඇරඹේ

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ...

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...