24 C
Colombo
Tuesday, March 21, 2023

සති දෙකක් නිරෝධායන වෙලා සංචාරය කරන්න යුක්රේන සංචාරකයන්ට පිස්සු නෑ – උදයංග

- Advertisement -

යුක්‍රේන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ වැඩසටහන තමන්ගේ සංකල්පයක් අනුව සිදුවූවක් බව රුසියාවේ හිටපු තානාපති මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ළඟම ඥාතියෙක්ද වන උදයංග වීරතුංග මහතා පවසනවා.
එක්තරා රුසියානු පුවත්පතක සංචාරකයින් සම්බන්දයෙන් පලවූ ලිපියක් දැකීමෙන් අනතුරුව එම සංචාරකයින් පිරිස මෙරටට ගෙන්වා ගැනීමට තමන්ට හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කල දැනුවත්කිරීමෙන් අනතුරුව ඔහු මේ සදහා වඩාත් කැමැත්තෙන් අවසර ලබාදුන් බව උදයංග වීරතුංග මහතා පවසනවා.
ඒ අනුව රුසියානු සංචාරකයින් ගෙන්වීම සදහා එරට සංචාරක සමාගම් සමග කතාබහ කර සියලු කරුණු සූදානම් කර තිබුණද මෙරට සෞඛ්‍ය මාර්ගෝපදේශ එරටට යැවීමෙන් අනතුරුව අදාල සංචාරකයින් මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කල බවයි ඔහු සදහන් කරන්නේ.
මෙරට නිරෝධායන නීති ප්‍රායෝගික නොවන බවත් සති දෙකක කාලයක් කාමරයකට දමා වසා PCR පරීක්ෂණ 5ක් පමණ සිදු කරද්දී මෙරටට පැමිණෙන්නට සංචාරකයන්ට පිස්සු නැතැ බවද Youtube නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවක් සමඟ එක්වෙමින් උදයංග වීරතුංග මහතා සදහන් කළා.
කෙසේ වෙතත් යුක්‍රේන රජය සමග පවතින රාජතාන්ත්‍රික සබදතා අනුව එම රටෙහි සංචාරකයින් පිරිසක් දිවයිනට රැගෙන ඒමේ නියමු ව්‍යාපෘතිය තමන් හට ක්‍රියාත්මක කිරීමට හැකිවූ බවත් දිනකට මෙරටින් කොවිඩ් රෝගීන් 500 ක් පමණ වාර්තා වන විට යුක්‍රේන සංචාරකයින්ගේ 3 දෙනෙක් පමණක් කොවිඩ් ආසාදිතයන් වූ බවත් උදයංග වීරතුංග මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.