27 C
Colombo
Thursday, March 30, 2023

උදයංගගේ සංචාරක පොකුර නීති කඩමින් සීගිරියේ පොටෝ ගහලා

- Advertisement -

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් පුරාවිද්‍යාත්මක ස්ථානයක් වන සීගිරිය ස්ථානයට නැරඹීමට ගිය යුක්‍රේන ජාතිකයන් පිරිසක් එහි නීති රීති උල්ලංඝණය කරමින් හැසිරී ඇති අන්දම පිළිබදව තොරතුරු වාර්තා වනවා.
යුක්‍රේනයෙන් පැමිණි සංචාරකයන් පිරිස ඊයේ (18) දිනයේ සීගිරිය සංචාරක ප්‍රදේශය නැරඹීමට ගොස් ඇති අතර ඔවුන් සමඟ මෙම සංචාරක නියමු ව්‍යාපෘතියේ සංවිධායක උදයංග වීරතුංග මහතාද ගොස් තිබෙනවා.
එහිදී ඓතිහාසික සීගිරි බිතු සිතුවම් තිබෙන ස්ථානයේ සිට මෙම පුද්ගලයින් ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුණා.
පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථානය ඡායාරූප ගැනීම තහනම් කර ඇති ස්ථානයක් ලෙස නම් කර තිබෙනවා.
ඊට හේතුව ලෙස ඔවුන් සදහන් කර ඇත්තේ ඡායාරූප ගැනීමේදී නිකුත්වන ආලෝකය මඟින් මෙම ඓතිහාසික බිතු සිතුවම්වලට හානි සිදුවීමයි.
කෙසේ වෙතත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඇතුළු මෙම පිරිස එම තහනම දැක්වෙන පුවරුවක් අසලම සිට අදාල ඡායාරූප ගෙන තිබුණා.
2015 වසරේදී සීගිරිය නැරඹීමට පැමිණි වයස අවුරුදු 27 ක් වයසැති තරුණියක් තම කොණ්ඩ කට්ටකින් සීගිරිය කැටපත් පවුරේ සටහනක් යෙදීම හේතුවෙන් ඇයට වසර දෙකක සිර දඩුවමක් නියම වුණා.


වැඩිදුර බලන්න…

RECENT ARTICLES - SINHALA

මිදිගම වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි හෝටල් හිමිකරු මරුට

0
ඊයේ (29) පස්වරුවේ අහංගම මිදිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමෙන් එහි හිමිකරු මියගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලබා...

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...