30 C
Colombo
Sunday, December 3, 2023

උද්දික අගමැතිකම ඉල්ලයි..!

- Advertisement -

තමන් ඇතුළු පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දැනුමෙන් හා අත්දැකීම්වලින් කිසිදු වැඩක් නොගැනීම මෙරට පාර්ලිමේන්තුවේ ඇති බරපතළ ප්‍රශ්නයක් බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්න මහතා පවසනවා.

ඒ, ඊයේ (22) පාර්ලිමේන්තුව අමතමින්.

“මේ පාර්ලිමන්ට් එක සිකුරාදායින් අපි වහනවා. හරි නම් හෙටත් අනිද්දාත් දිගටම වැඩකරලා මේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න ටික විසඳන්න ඕනෙ. අපි හිතන් හිටියෙ රටේ ප්‍රශ්න ටික විසඳන්න ඕනෙ පාර්ලිමන්ට් එකට ඇවිල්ලා කියලා. නමුත් මෙතනත් ඒකට විසඳුමක් නැත්නම් කොහෙද විසඳුම් තියෙන්නෙ ? තීන්දු තීරණ ගන්න ජ්‍යේෂ්ඨ ඇමතිවරු, මන්ත්‍රීවරු, ජ්‍යේෂ්ඨ දේශපාලනඥයො ඇයි තීන්දු තීරණ ගන්නෙ නැත්තෙ ? තීන්දු තීරණ ගන්න බැරි නම් අපට දෙන්න, අපි ගන්නම් !

ජ්‍යේෂ්ඨ තනතුරු – අගමැතිකම හරි කමක් නෑ, කිසි ප්‍රශ්නයක් නෑ – අපට දෙන්න. අපි තීන්දු තීරණ අරගෙන මේ රටේ ප්‍රශ්න විසඳලා ආපහු ඒක දෙන්නම්. මන්දිර අවශ්‍ය නෑ, V8 ඕනෙ නෑ, ආසන ඕනෙ නෑ, මේ මහපොළවෙ වාඩිවෙලා හරි මේ රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න ටික විසඳීමේ වගකීම දැන්වත් තේරුම් ගන්න”


RECENT ARTICLES - SINHALA

රාජ්‍ය බැංකු දෙකකට බිලියන 80ක පොල්ලක්

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක් රුපියල් බිලියන 80ක ණය පැහැර හැර තිබෙන බව ලංකා බැංකු සේවක...

දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයා...

බදු නොගෙවූ සුපිරි වාහන 500ක් රට පුරා

අනුමත රේගු බදු නොගෙවා වාහන අමතර කොටස් ආනයනය කර පසුව ඒවා එකලස් කර ඉතා වටිනා වාහන නිපදවා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අල්ලස් දූෂණ...

POPULAR ARTICLES

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණ‍යක්

මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...

සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...