28 C
Colombo
Friday, July 19, 2024

ටික් ටොක් වීඩියෝවකින් ජනපතිට බැන්න උගන්ඩාවේ තරුණයෙක් හිරේ දාලා

- Advertisement -

උගන්ඩාවේ ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලට ටික් ටොක් වීඩියෝවක් ඔස්සේ අපහාස කළ බවකියන 24 හැවිරිදි තරුණයෙකුට එරට අධිකරණය වසර හයක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

උගන්ඩාවේ ජනපති යොවේරි මුසවේනිට එරෙහිව වෛරී ප්‍රකාශ සිදු කිරීම  ජනාධිපති ආර්යාවට සහ උගන්ඩාවේ හමුදා ප්‍රධානියා වන ජනපති පුත් මහුසී යන අය සම්බන්ධයෙන් නොමඟ යවන සුළු තොරතුරු නිකුත් කිරීම යන චෝදනා යටතේ මෙම තරුණයාට අදාළ සිර දඬුවම නියම කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මුසවේනි ජනාධිපතිවරයා යටතේ බදු වැඩි වීමක් සිදුවන බවටද මෙම තරුණයා විසින්  අපවාදාත්මක තොරතුරු හුවමාරු කර තිබීම සම්බන්ධයෙන්ද අධිකරණය අවධානය යොමු කර තිබෙනවා.

තරුණයා මෙම වරද පිළිගෙන අධිකරණයෙන් සමාව අයැද ඇති නමුත් උගන්ඩා අධිකරණය පෙන්වා දී ඇත්තේ ඔහු මෙම වීඩියෝ භාවිත කර ඇති වචන සමාව දිය නොහැකි අන්දමේ අසභ්‍ය ඒවා බවයි.

ඒ අනුව, අදාළ දඬුවමෙන් ඔහු අතීතයේ වැරදි යළිත් නොකිරීමට ඉගෙන ගනු ඇති බවත්, ජනාධිපතිවරයාට ආර්‍යාවට සහ ඔහුගේ පුත්‍රයාට ගරු කරනු ඇති  බවත් මෙමෙ තීන්දුවා ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා පවසා තිබුණා.

RECENT ARTICLES - SINHALA

පොළොන්නරුවට ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ” වැඩසටහන යටතේ ඉදිකරන ලද පොළොන්නරුව ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු අදියරේ විවෘත කිරීමේ උත්සවය ඊයේ (18) පැවැත්වුණා. ඒ, සංචාරක,...

ගැබිනි මව්වරු සහ කුඩා දරුවන්ගේ සෞඛ්‍ය ගැන හෙළිදරව්වක්

පසුගිය වසර 10ක කාලය තුළ ගර්භිණී මව්වරුන් සහ කුඩා දරුවන් දියවැඩියාව සඳහා ගොදුරුවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදී තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව...

පාස්පෝට් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (19) උදෑසන උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා. විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම නව ක්‍රමවේදයක් ඔස්සේ...

POPULAR ARTICLES

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා...

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...