ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස බ්‍රිතාන්‍යයේ LTTEයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස TGTE (දෙමළ ඊලම් සංක්‍රාන්ති රජය) විසින් කරන ලද අභියාචනය එක්සත් රාජධානියේ තහනම් සංවිධාන අභියාචනා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පසුගිය සිකුරාදා දිනයේදී තහනම් ත්‍රස්ත සංවිධාන අභියාචනාධිකරණ කොමිසම වෙත ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසු විවෘත තීන්දුවක් ලබාදීමෙන් අභියාචනා කොමිසම මෙම තීන්දුව ලබා දී තිබුණා.
LTTE හිතවාදී සංවිධානයක් වන TGTE නමින් හැඳින්වෙන දෙමළ ඊලම් සංක්‍රාන්ති රජය මෙහිදී ඉල්ලීම් කර ඇත්තේ ප්‍රචණ්ඩකාරී නොවන මාධ්‍යයන් හරහා තම දේශපාලන සහ මතවාදී අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ කරන බැවින් LTTE සංවිධානයට එක්සත් රාජධානිය තුළ ඇති තහනම ඉවත් කරන ලෙසයි.
TGTE යනු ශ්‍රී ලංකාවේ උතුරු-නැගෙනහිර ස්වාධීන දෙමළ රාජ්‍යයක් නිර්මාණය කිරීමට සහාය පළ කරන සංවිධානයක් බව සඳහන්.