බ්‍රිතාන්‍ය විදේශ ලේකම් එලිසබෙත් ට්‍රස් ඉන්දියාවට අද (22) ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ.
විදෙස් වාර්තා සදහන් කළේ බ්‍රිතාන්‍යය විදේශ ලේකම්වරිය මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයි ශංකර් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි.
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් දෙරට සබදතාවලට අදාළව එකඟ වී ඇති 2030 මාර්ග සැලසුමේ ප්‍රගතිය පිළිබද සාකච්ඡා කිරීම මෙම සංචාරයේ මූලික අරමුණයි.
විදෙස් විචාරකයන් සදහන් කරන්නේ චීනයේ ක්‍රියාකාරිත්වය හමුවේ විදේශ, ආරක්ෂක, වෙළෙද ඇතුළු ක්ෂේත්රවල ඒකාබද්ධ කටයුතු කරන ආකාරය පිළිබදව මෙම මෙම සංචාරය තුළදී පුලුල්ව අවධානය යොමු කරනු ඇති බවයි.