24 C
Colombo
Thursday, February 20, 2025

ලිංගාශ්‍රිත රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක්

- Advertisement -

සෑම වසරකදීම ඊට පෙර වසරට සාපේක්ෂව වාර්තා වන ලිංගාශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙනවා.

ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනෙහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානක වේරගොඩ පැවසුවේ, ඉකුත් 2022 වසරේ සොයා ගත් රෝගීන්ගේ සංඛ්‍යාව 604ක් වූ අතර ඉකුත් 2023 වන විට එම සංඛ්‍යාව 690 දක්වා වර්ධනය වී ඇති බවයි.

එය සියයට පහළොවක වැඩිවීමේ ප්‍රතිශතයක් බවද ඔහු පෙන්වා දෙනවා.

වෛද්‍යවරයා තවදුරටත් සඳහන් කළේ, විශේෂයෙන්ම තරුණ පිරිස් අතර මෙම රෝග බහුලව ව්‍යාප්ත වන බවක් දක්නට ඇති අතර, වාර්තා වන රෝගීන් වැඩි පිරිස අවුරුදු 29 ට අඩු බවයි.

අනාරක්ෂිත ලිංගික හැසිරීම්වලදී උපත් පාලන කොපු භාවිත කිරීමට ඔවුන් දක්වන මැළිකම මෙවැනි රෝගීන් වැඩි වීමට හේතු වී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඇතැම් පිරිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින්, කණ්ඩායම් වශයෙන් ලිංගික හැසිරීම්වල යෙදීමේ වැඩි නැඹුරුවක් ඇති බවත්, එවන් අවස්ථාවලදී උපත් පාලන කොපු භාවිත කිරීමක් නොවන නිසා ලිංගාශ්‍රිත රෝග වැඩි වශයෙන් බෝ විය හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES