23 C
Colombo
Friday, February 14, 2025

හැංගුන වත්කම් හොයන්න UN සහය

- Advertisement -

රජය බලාපොරොත්තු වන සැඟවුණු වත්කම් සොයා ගැනීමේ කාර්යය සඳහා සහයෝගය ලබාදීමට තම ආයතන සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එහි නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘෘ ෆ්‍රන්චේ මහතා මේ බව පැවසුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමග පැවති සාකච්ඡාවකදී.

මාර්ක් ඇන්ඩෘෘ මහතා,නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය ගොඩනැගීමේ කොමිසම සමග ශ්‍රී ලංකාව සමීපව කටයුතු කිරීමේ වැදගත්කම පැහැදිලි කර ඇති අතර දූෂණ වංචා වැළැක්වීමට රජය ගෙනයන වැඩපිළිවෙළට සම්පූර්ණ සහය දීමට සූදානම් බවත් ඒ සඳහා මූල්‍ය ආධාර ලබා දීමටත් එකඟ වී තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාව විසින් ශ්‍රී ලංකා සමුද්‍ර තීරයේ දී බේරාගත් රෝහින්යා සරණාගතයින්ට මානුෂික අයුරින් සලකන ලද ආකාරය මාර්ක් ඇන්ඩෘෘ මහතාගේ ප්‍රශංසාවට ලක් වී තිබුණා.

මාර්ක් ඇන්ඩෘෘ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වසර අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

පසුගිය මැතිවරණවලදී ශ්‍රී ලාංකික ජනතාව ජාති භේද හෝ පළාත් භේදවලින් තොරව නව රජය විශාල ආසන සංඛ්‍යාවකින් බලයට පත්කිරීම ඓතිහාසික සිදුවීමක් බව විජිත හේරත් අමාත්‍යවරයා එහිදී පවසා ඇති අතර ඉදිරියේදී උතුරු නැගෙනහිර පළාත්වල පවරාගෙන ඇති ඉඩම් අයිතිකරුවන්ට ආපසු දීම කඩිනම් කරන බවද සඳහන් කර තිබෙනවා.

ඉදිරි කාලයේ දී එක්සත් ජාතීන්ගේ සාම හමුදා සඳහා ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් බඳවා ගැනීම වැඩි කිරීමට කටයුතු කරන මෙන්ද නේවාසික නියෝජිතවරයාගෙන් අමාත්‍යවරයා ඉල්ලා තිබුණා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES