27 C
Colombo
Thursday, March 30, 2023

පකිස්තානයේ ජනමාධ්‍යයට ඇති තර්ජන පිළිබ‍ඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අවධානය

- Advertisement -

පකිස්තානයේ ජනමාධ්‍ය මුහුණදී සිටින මර්දනකාරී තත්වය පිළිබද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අවධානය යොමුව තිබේ.

එම කවුන්සිලය විසින් පකිස්තාන රජය වෙත දැනුම් දී ඇත්තේ ජනමාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන්ට සිදුවන මර්දනයන් පිලිබද විශ්වසනීය සහ බරපතල තොරතුරු රැසක් තමන් වෙත ලැබී ඇති බවයි.

ඝාතන, පහරදීම්,තර්ජන පිලිබද සිදුවීම් රැසක් වාර්තා වී ඇතත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර නොමැති බව සදහන් කර ඇති මානව හිමිකම් කවුන්සිලය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ යුක්තිය වෙනුවට විවිධ හිරිහැර සහ තර්ජනයන්ට මුහුණදීමට පකිස්තානයේ ජනමාධ්‍යයට සහ ජනමාධ්‍යවේදීන්ට සිදුව ඇති බවයි.

මෙම තත්ත්වය වෙනස් කිරීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද එම කවුන්සිලය පකිස්තානයට අවධාරණය කොට තිබේ.

මේ අතර පසුගිය වසරේදී ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය සදහන් කළේ ලොව ජනමාධ්‍යවේදීන්ට අහිතකරම රටවල් අතරින් පකිස්තානද එකක් බවයි.

RECENT ARTICLES - SINHALA

මිදිගම වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි හෝටල් හිමිකරු මරුට

0
ඊයේ (29) පස්වරුවේ අහංගම මිදිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමෙන් එහි හිමිකරු මියගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලබා...

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...