දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 9කින් පරාජය කර වයස 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලානය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ඒ අවසන් මහා තරගය මැලේදියාවේ ක්වාලාලාම්පූර්හිදී අද (02) පැවැත්වුණා.
මෙහි පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 82ක් පමණයි.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම තරගයේ 12(11.2) වැනි පන්දුවාරයේදී එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී ලකුණු 84ක් රැස්කරමින් ජයග්‍රහණය කළා.