26.4 C
Colombo
Thursday, March 28, 2024

යට ඇඳුම් සතොස හරහා අඩු මිලට දෙනවා – බන්දුල

- Advertisement -

මෙරට සම්පූර්ණ ඇඟලුම් ඉල්ලුම දේශීය ඇඟලුම් නිෂ්පාදකයන් හරහා සපුරාලිය හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ ඊයේ (11) දින වෙළෙඳ අමාත්‍යවරයා සහ දේශීය රෙදිපිළි නිෂ්පාදකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින්.

එබැව්‍යින් රෙදිපිළි සැපයුම පිළිබඳ සැකයක් ඇති නොකර ගත යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.

බට‍ර්, චීස්, ෆ්‍රිජ්, වොෂින් මැෂින් වැනි භාණ්ඩ රැසකට ආනයන සීම පැනවූ නමුත් විපක්ෂය විසින් අවධානය යොමු කර ඇත්තේ යට ඇඳුම් සඳහා පැනවූ ආනයන සීමා කෙරෙහි පමණක් වුවත් මෙරට යට ඇඳුම් ඉල්ලුමද දේශීයව සපුරාලිය හැකි බවත් එම යට ඇඳුම් අඩු මිලට සතොස හරහා ලබා ගැනීමට සලස්වන බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.

“ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය යටතේ ඉන්න නිෂ්පාදකයෝ මෙරට ඇඟලුම් අවශ්‍යතාවයෙන් 100% ක් නිෂ්පාදනය කරනවා. ලාංකිකයෙකු ලෙස ආඩම්බර විය යුතුයි. තමන්ගේ මව් රට විසින් මුළු ලෝකයේ වෙනත් අයටත් යට ඇඳුම් නිෂ්පාදනය කරලා කීර්තියක් අත් කරගෙන තියෙන රටක ඉන්න එක. ඇඟලුම් අවශ්‍යතාවයක් තියෙන ඕනේම අයෙක් ඉන්නවා නම් මම වෙළෙඳ ඇමති ලෙස වගකීම බාරගන්නවා ඉල්ලන ඕනෑම ප්‍රමාණයක් සපයනවා.”

RECENT ARTICLES - SINHALA

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

මෛත්‍රීට අධිකරණයෙන් හදිසි නියෝගයක්

පාස්කු දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රේල් මස 4 වනදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට වාර්තාගත ලාභයක්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබෙනවා. ඒ අනුව 2022 – 2023 වසර සඳහා 32%ක ලාභ සීමාවක් වාර්තා...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...